"හෙලෝ අම්මා"
"කොහෙද ලොකූ ඉන්නෙ"
"දැං එයා පෝට් එකේ අම්මා"
"ෆලයිට් එක කීයටද?"
"හවස 5.23 ට"
"ඒ කියන්නෙ හෙට හවස තුනහාමාර හතර වෙයි නේ"
"ඔව්"
"මායි තාත්තයි චූටී එන්නං ඔයාව ගන්න, පරිස්සමෙන් එන්න එහෙනං"
"අනේ අනේ මිසිස් නිපුන්සලා, මේක පුරුදු වෙන්න එන ගමනක් කියලා හිතුවද"
"අනේ මේ... පණ්ඩිත මිස්ට ශෙහාන්... කට පියන් ඉන්න අපි එන්නං"
මං මට තේරෙන කාලෙ ඉදලම හිටියෙ ෆ්‍රීන්ලන් වල වෙද්දි මෙහෙ ඉදන් ලංකාවට විසි තිස් ගමනක් ගිහින් තිබුනත්, අම්මටයි තාත්තටයි මම තාම එයාලගෙ පුංචි පුතා වුනා...
මම ගෙදර යන හැම දවසකම එයාලට මොන වැඩේ තිබ්බත් මාව ගන්න එයාපෝට් එන්න එයාලට වෙලාව නැති උනේ නෑ...
හැබැයි මේ තමයි එයාලට මාව ගන්න එන්න වෙන අවසාන වතාව කියලා හිතෙද්දි ඇත්තටම මට සෑහෙන්න දුකයි...
මොකද මම, මේ තමයි ෆ්‍රීන්ලන් වල ඉන්න අවසාන පැය කීපය... ආයෙ මම මේ රටට ට්‍රැවල් කරන්න අඩිය තිබ්බොත් මිසක් හිටියා වගේ ස්ටඩීස් වලට නං එන්නෙ නෑ...
මං මෙහේ හිටියෙ තාත්තගෙ අයියා එක්ක, එහෙම නැත්තං මගේ ලොකු තාත්තා එක්ක... එයාලා උනත් මේ තමයි මාව එයාපෝට් එකට ගෙනත් දාන අවසාන වතාව. ඉතින් එයාලාත් ඔක්කොමලා මට සමු දුන්නෙ ආදරෙන්...
"එහෙනං ලොකු තාත්තේ, පරිස්සමෙන් ඉන්න හරිද... ලොකු අම්මේ, ඔයත් ලංකාව පැත්තෙ ඇවිල්ලා යන්න එන්න නිවාඩු වෙලාවක"
"ඔයත් අපිව අමතක කරලා එහෙම දානවා නෙවෙයි, මේ පැත්තෙ එන්න ඉක්මනට"
මං මට තේරෙන වයසෙ ඉදලා හිටියෙ ලොකු තාත්තලා එක්ක... පහ වසර ශිෂ්‍යත්ව විබාගෙ ඉවර කරපු ගමං මං මෙහේ ආවෙ, ඒ නිසාම මේ මගේ දෙවනි පවුල...
ලොකු දුකකින් එයාලගෙන් ඈත්වෙලා යන්න වුනත් මම යන්නෙ මගේම පවුල ලගට කියලා දැනෙද්දි මට සහනයක් දැනුනා...
.
.
.
"අයියේ"
ඔව් ඔව් ඒ මගේ මෝඩ චිලී
ලගේජ් දෙකකුත් අමාරුවෙන් තල්ලු කරන් එද්දි මේකි මගේ ඇගට පැන්නා... මාව පිටිපස්සට විසික් වෙන්න හැදුවත් බොහොම අමාරුවෙන් මං බැලන්ස් කර ගත්තෙ ඇදගෙන වැටුනොත් මෙතන විලි ලැජ්ජාවක් වෙන නිසා...
"අනේ අනේ චිලී මේ... ඔයා හදන්නෙ එහේ ඉදන් මොනාද ගෙනාවෙ කියලා බලන්න නං, වහාම බහින්න බිමට"
"නෑ නෑ අනේ... ඔයා ඉතින් ආයෙ දිගටම අපි එක්කනේ... ඒ නිසා සතුටුයි මට"
ෆ්‍රීන්ලන් කියන්නෙ හරි ලස්සන සතුට පිරුනු රටක්... මං ජීවිත කාලෙම උනත් එහෙ ඉන්න කැමති උනාට තාත්තගෙ බිස්නස් ගැන ඉගන ගන්න මගේ වයසත් හරියද්දි තාත්තගෙ කැමැත්ත උනෙත් මං ලංකාවට එන එක...
"හා හා අයියා නංගිගෙ සෙල්ලම් ඉවර නං කාර් එකට යන්"
අපි දෙන්නගෙ විකාර බලන් ඉදලා තාත්තා ඉස්සර උනේ, අම්මගෙ ඇගේ චිලී, මායි එල්ලීගෙන පස්සෙන් එද්දි
"අම්මා"
"මොකෝ?"
"කන්න මොනාද හැදුවෙ?"
"ඔයා ආස දෙයක්..."
"මොනාද කියන්නකො...?"
"මුලින් යංකො ගෙදර"
මං එන ගමං සහරා කාන්තාරෙ හිටපු එකෙක් වගේ වාහනේ දෙවනත් කරා වෙද්දි අවුරුදු 21ක් වුනත්, අම්මයි තාත්තයි මං දිහා බලන් හිනා උනේ අත දරුවෙක් දිහා බලනවා වගේ...
අපි ගෙට ගොඩ වෙනවා එක්කම සුනීතා ඇන්ටි කෑම ටික මේසෙට බෙදුවා... දවල් වේල පහුවෙලා ගොඩක් වෙලා උනත්, අම්ම උයපු බත් කටක් කෑවෙ ගොඩ කාලෙකින් නිසා මාර ආසාවෙන්...
කාලා බීලා මං වොශ් දාගෙන ඇදට වැටුනෙ පැය විසිතුනක විතර ගමන් මහන්සියට හොදට නිදා ගන්න... ඇදට ආවෙ කොහොමද කියලවත් මට මතක නොහිටින්න තරන් නිදි මත දරුනු උනා වෙද්දි දෙයියන්ගෙ පිහිටෙන් මට නින්ද ගිහින් තිබුනා...
මට නෑනෙ ඔය නින්ද යන්නැති ප්‍රශ්න... ඕන වෙලාවක ඕන තැනක nothing...
මට හිතෙන්නෙ මං ගිය ආත්මෙක නින්ද බාර දෙවියන්ට බාර වෙලා ඉන්නෙ...
.
.
.
ඊයෙ හවස නිදා ගත්තු පාර මං ඇහැරුනේ අද උදේ 7 ට විතර වෙද්දි මං පහල තට්ටුවට බැහැගෙන ගියේ පුදුම තරමේ උද්‍යෝගෙකින්...
"අම්මා..."
"තාත්තා..."
"චිලී..."
අපේ පවුලෙ හතර දෙනෙක්... මං අයියා වෙලා මට කොච්චි කරලක් වගේ නංගි කෙනෙක් මවපු නිසා මං එයාට කිව්වෙ චිලී කියලා... ඒක නං මං එයාට පුංචි කාලෙ දාපු නමක්... මොකද ඉස්සර අපි දෙන්නගෙ චූටි චූටි රන්ඩු...
මෝඩයෙක් වගේ කෑගහගෙන පහලට එද්දිම තාත්තව මූනට මූන හම්බුනේ යාන්තන් මං බ්‍රේක් ගහලා තාත්තගෙ ඇගේ නොවැදී බේරෙද්දි...
වෙන්න බැරි වැඩක්...
තාත්තා ගෙදර?
තාත්ත බිස්නස් වැඩ එක්ක බිසී නිසා ගෙදර ඉන්නව හරි අඩුයි...
"තාත්තා ගෙදරද?"
"හ්ම්"
"කවදාවත් නැතුව?"
"අද ගෙදරනෙ? වැඩ වගයක් කතා කර ගන්න තියනවා..."
"මාත් එක්ක?"
"හ්ම්"
"ඔ...ඔව් ගෙදර"
තාත්තගෙ ගැඹුරු කට හඩත් එක්ක මාව නොගැස්සුනාම නෙවෙයි...
අපේ ගෙදර හැමෝම විනෝදකාමී මිනිස්සු හැබැයි තාත්තා පොඩ්ඩක් තදයි... එහෙමයි කියලා හැම වෙලේමත් නැහැ... ඒත් ඉතින් ගොඩක් දුරට එයා චුට්ටක් විතර සැරයි...
"මගේ ඔෆිස් රූම් එකට එන්න... අම්මට කියලා කිරි දෙකකුත් හදාගෙනම"
"හ්ම්"
අපේ ගෙදර ප්‍රධාන මේඩ් තමයි සුනීතා ආන්ටි... එයා යටතෙ තව නව දෙනෙක් ඉන්නවා... හැබැයි වැඩට සුනීතා ආන්ටි හිටියත්, කෑම බීම අම්මා අතින් හැදෙනවට තාත්ත හරි කැමතී... ඉතින් අම්මට ගොඩක් දුරට උයන පිහන වැඩ වලට වෙලාව නැති උනත් පුලුවන් හැම වෙලාවකම අපිට කෑම බීම හදලා දෙනවා...
"දැං මොනාද ඉස්සරහට තියන ප්ලෑන්ස්?"
තාත්තා මගේ දිහා බැලුවෙ විමසිල්ලෙන්...
"එහෙම මුකුත් නෑ තාත්තේ"
"අවුරුදු ගානක් රටවල් ගානෙ ගිහින් ඉගන ගත්තෙ මොකටද එහෙනං"
"එහෙම නෙවෙයි ඉතින්"
"එහෙනං"
"..."
"ශෙහාන්"
"ම්ම්ම්...?"
"හොදට මතක තියා ගන්න... ඔයා සාමාන්‍යය පවුලක ලමයෙක් නෙවෙයි... නිකමට හිතන්න, කොළබ තියන ප්‍රධාන හොටෙල්ස් වලින් පහක් විතර මගේ... තවත් පහක් ARVEE Group එකේ... ලංකාවෙ පෞද්ගලික යුනිවසිටීස් වලින් අවුරුදු 9 ක් ඉදලා මුලින්ම ඉන්නෙ ARVEE University එක... කවදා හරි මේ හැමදෙයක්ම බලා ගන්න ඕනෙ තමුන්... එතකොට මේ වගේ වගකීම් විරහිත විදිහට වැඩ කරලද මේවා බාර ගන්න බලාපොරොත්තු වෙන්නෙ..."
"..."
නිරුත්තරයි ස්වාමීනී...
දැං අහපංකො බැනුම්...
ARVEE Group කියන්නෙ අපේ තාත්තගෙයි එයාගෙ හොදම යාලුවා පවිත්‍ර වීරවංශගෙයි යාලුකමේ සංකේතයක් වෙද්දි ඒ දෙන්නගෙ යාලුකම තරම්ම ඒ ව්‍යාපාරය ශක්තිමත් උනා...
ARVEE logo එකේ මැද A අකුරෙන් නම සංකේතවත් කරද්දි දෙපැත්ත තියන සමනලයෙක්ගෙ තටු වලින් තාත්තගෙයි පවිත්‍ර අන්කල් ගෙයි සහයෝගී තාව පෙන්නුවා... සමනලයෙකුට එක තටුවක් නැතුව පියාබන්න බෑ වගේම... ARVEE Group එක තාත්තයි එයාගෙ හොදම යාලුවයි කියන දෙන්නම නැත්තං අසම්පූර්ණයි කියන තැන ඒ දෙන්නම හිටියා...
ඒ දෙන්නගෙම අතින් නිර්මානය උන ලංකාවෙ පෞද්ගලික අංශයෙ හොදම විශ්ව විද්‍යාලය එයාල හොද යාලුවො විතරක්ම නෙවෙයි හොදම දක්ශයො කියන්නත් සාක්ෂි දැරුවා...
ARVEE University එක ඇත්තටම ළමයි දහස් ගානකට නුවණ සපයන තෝතැන්නක් වෙද්දි... ගොඩක් අයට මේ විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න තිබ්බෙ තරගයක්...මොකද ඒ තරම් වටින පිලිගත් උපාදි වලට, මේ විශ්වවිද්‍යාලය ලංකාව පුරාම ප්‍රසිද්ධ වෙලා තිබුනා...
"තාත්ත මට සජෙස් කරන්නෙ මොන වගේ ඩිග්‍රියක්ද?"
"බිස්නස් මැනේජ්මන්ට් ඇන්ඩ් ඔන්ටප්‍රිනශිප්"
මං අහලා ඉවර වෙද්දිම තාත්තත් එකපාර කිව්වෙ, තාත්තගෙ හිතේ මුල ඉදන්ම තිබ්බ අදහස ඒක කියලා මටත් තේරුන් යද්දී
"මං හිතනවා ඔයාගෙ ඉදිරි ගමනට ඔයා ඉගන ගන්න ඕන දේවල් වලින් පොඩි කොටසක් ඒ ඩිග්‍රිය ඇතුලෙ තියෙයි කියලා... ඒ වගේම ඉතුරු කොටස මම නිර්මාණය කරනවා"
"..."
"පේපරේකට A අකුරක් ගත්තටවත්, ඩිග්‍රියේ ෆස්ට් ක්ලාස් එකක් ගත්තටවත්, තාත්තා මේ ඉන්න තැන වගකීම ගන්න බෑ... ඉගන ගත්තට මිනිස්සු සාර්ථක වෙන්නෙ නෑ... නැත්තං ඔය ඩිග්‍රිත් තියාගෙන පාරවල් ගානෙ බෝඩ් උස්සන් මිනිස්සු ඉන්න විදිහක් නෑනෙ..."
"..."
"මේක ටිකක් අමාරු ගමනක් කියනෙක මං දන්නවා... හැබැයි ඔයාගෙ තාත්ත මධ්‍යම පාන්තික පවුලක කෙනෙක් කියන්න දන්නවනෙ... බින්දුවේ ඉදන් මේ තැනට එන්න ලේසි උනේ නෑ... ඔයාට පටන් ගන්න බින්දුවක් නෑ... ඔයාට මං බාර දෙන්න යන්නෙ මං සීයට සීයක් සම්පූර්න කරපු හීනෙ, මං දන්නවා මගේ හීනෙ මටත් වඩා හොදට බලා ගන්න ඔයාට පුලුවන් කියලා"
මං මොනාද කියන්නෝනෙ, තාත්තගෙ විශ්වාසයට සතුටු වෙන්නද? මේ හැමදෙයක්ම මට තාම බර වැඩී කියලා අඩන්නද?
"කවද්ද තාත්තා ඩිග්‍රි එකේ ඕපනින් ඩේ එක?"
"පහුවෙලා මාස දෙකක්"
"අහ්හ්?"
"හෙටම යන්න පටන් ගත්තොත් හොදයි"
"..."
"මෙහේ මෙයින් මේඩ් සුනීතගෙ පුතා නුවන්... එයත් ඔයා එක්කම කැම්පස් යයි... හැබැයි එයා කරන්නෙ එකවුන්ටන් ඩිග්‍රියක්, මොකද මං හිතනවා ඔයාට ඉස්සරහට හොද එකවුන්ටන් කොනෙක් ඕන වෙයි කියලා..."
මම ලගේජ් එකේ බඩු ටික අස් කරගන්නෙ කොහොමද කියල කල්පනා කරන්නත් කලින් තාත්තා මගේ අනාගතේ පිලිවෙලක් කරන්න මං එන්නත් කලින්ම ප්ලෑන් කරලා... ඉතින් මට පුලුවන්ද ඒකට විරුද්ද වෙන්න?
පුලුවන් උනත් මට කොහොමටත් කිසිම සැලැස්මක් නැති නිසා ඒකට අකමැති වෙන්න හේතුවකුත් නෑ...
.
.
.
ගෙදරින් එලියට බහිද්දිම අම්මා මල් දාපු වතුර වීදුරුවකුත් අරගෙන හිනා වෙවී හිටියා... ඔය වතුර වීදුරුව බිව්වත් නැතත් අම්මගෙ හිනාව දැක්ක එකම කොයි තරන් සුබද?
අම්මගෙ වතුර වීදුරුවෙන් වතුර උගුරකුත් බිව්ව මම අම්මටයි තාතටයි වැදලා පිටත් උනේ , මගේම තාත්තගෙ නිර්මාණයක් වෙච්ච ARVEE University එකට....
ලංකාවට ඉස්සර මම අවුරුද්දට හතර වතාවක් විතර ආවා... ඒ හැම වතාවකදිම බලලා යන්න ආපු තැනක් තමයි මේ...
ඉතින් අද ඉදන් මං මෙතන ඉගන ගන්නවා කියන එක කොහොමටත් වෙන්න තිබ්බ දෙයක් උනත් මට තිබ්බෙ ලොකු සතුටක්...
මං තාත්තයි නුවනුයි එක්කම BMW එකකින් බැස්සා වෙද්දි ලග පාත හිටපු ළමයි අපි දිහා බැලුවෙ විමසිල්ලෙන්...
"අර දුමින්ද ෆනෑන්ඩො ලග ඉන්නෙ එයාගෙ පුතාලු"
"එයාට ඉන්නෙ දුවෙක් විතරයිනෙ"
"නෑ නෑ පුතා රටලු හිටියෙ"
"ඔයා කොහොමද දන්නෙ?"
"අපේ තාත්තා එයාගෙ හොටෙල් එකක ඇසිස්ටන් මැනේජ කෙනෙක්"
"මොනා උනත් පුතා ලස්සනයි, සල්ලි ගස් තමයි ඉතින්"
"එතකොට අර අනිත් කොල්ලා කවුද?"
"එයා නං දන්නෙ නෑ"
අපි අවටින් එක එක කතා ඇහෙන නොඇහෙන ගානට ඇහෙද්දි ඒවටත් කන් දීගෙනම අපි ආවෙ ඔෆිස් එක ලගට
"ලොකූ මං ඔෆිස් එකට යනවා, දහයටනෙ දෙන්නටම ලෙක්චස්?"
"ඔව්"
"එහෙනං පොඩ්ඩක් ඇවිදලම යන්න, තාම නවයයිනෙ"
"හරි තාත්තෙ"
"මෙන්න ඔයාගෙ කාඩ් එක"
"තෑන්ක් තාත්තා"
මෙන්න මේ වගේ වෙලාවට තමා මම කෝටිපති පුතෙක් කියලා දැනෙන්නෙ , අන්ලිමිටට් පේ කරන්න පුලුවන් කාඩ් එකක් කියන්නෙ ඉතින්... ඒක නෙක්ස්ට් ලෙවල්... මෙච්චර කල් තාත්ත ලග නොහිටිය නිසා ඉතින් මේ වගේ චාන්ස් මට මිස් උනා...
තාත්තා යන දිහා බලන් හිටපු අපි දෙන්නා හැරුනෙ පුස්තකාලෙ පැත්තට යන්න...
"නිකමට පුස්තකාලෙට ගිහින් එමු නේ නුවන්..."
"යං සර්"
"සර් කියන්නෙපා නුවන්..."
"හ..හරි සර්"
"ඔය ආයෙ කියනවා..."
"..."
"මට ශෙහාන් කියන්න, මං ඔයාගෙම වයසෙනෙ..."
"හරි ශෙහාන්"
"ඔන්න ඔහොම ඉන්නකො..."
මං නුවන්ගෙ පිටට තට්ටුවක් දැම්මෙ හිනා වෙලා...
පුස්තකාලෙට ආපු අපි දෙන්නා, ටික වෙලාවක් පොත් රාක්ක වටේ කැරකි කැරකි කරේ පොත් තෝරනවට වඩා අනන් මනන් කියවපු එක...
දහයට කිට්ටු කරල අපි ආයෙ එලියට ආවෙ ලෙක් එකට යන්න වෙද්දි අපි අඩිය තිබ්බෙ අපිට නියම වෙලා තිබ්බ හෝල් එක දිහාවට...
"ඒයි ශෙහාන්"
මගේ පිටිපස්සෙන් ඇහුනෙ ගැඹුරු තරුණ කට හඩක්...
අවුරුදු ගානක් පිටරටම හිටපු නිසා මට ලංකාවෙ යාලුවො නැති වෙද්දි මං හිටපු විදිහටම ගල් උනේ කවුද කියලා හිතා ගන්න බැරුව
"Good morning ශෙහාන්! මගේ තැනට සාදරයෙන් පිළිගන්නවා...!"
මූනෙ සමච්චල් හිනාවකුත් තියාගෙන ඒ ආවෙ වෙන කවුරුත් නෙවෙයි, පවිත්‍ර වීරවංශගෙ එකම පුතා ආධිත්‍ය වීරවංශ... ඒ කියන්නෙ අපේ තාත්තගෙ හොදම යාලුවගෙ පුතා...
හහ්! එයාගෙ තැන?
මේක උගෙ තැන වෙන්න කොච්චරක්ද? එච්චරක්ම මගෙත් තැන තමයි...
"හහ්! කොහොමද මේක තමුන්ගෙ තැන උනෙ?"
මං බැලුවේ මූනෙන් සබ්ස්ටයිට්ල් පේන තරමට ඔරවලා...
ආයෙත් මට කට කොනෙන් සමච්චලේට හිනා වෙන ගමන් මාව පහු කරලා ඒකා ඒකගෙ යාලුවො දෙන්නෙකුත් එක්ක ඉස්සරහට ගියා...
ඒත් එක්කම අවසානෙට ගියපු කෙනෙක් මං දිහා බලලා සන්සුන් වෙන්න කියන්න වගේ ඇස් දෙකෙන් ඉගි කලා... ඒ මුහුනුවර මට දැකලා හුරු ගතියක් තිබුනත්, මං කොහෙද අනේ ලංකාවෙ මිනිස්සුන්ව දන්නෙ?
-THE STORY CONTINUES-
2025-09-17
