Cherreads

Chapter 2 - CHAPTER 02

ලෙක් එක ඉවර වෙලා නුවන් එක්ක මං ගෙදර ආවෙ හවස පහට විතර... නුවන්ගෙ පවුලෙ ඉන්නෙ එයයි අම්මයි විතරයි... අපේ අම්මා කියපු විදියට නං එයාගෙ තාත්තා එයාලව දාලා ගිහින්... නුවන්ගෙ අම්මා, සුනීතා ආන්ටි තමයි අපේ ගෙදර මෙයින් මේඩ්. එයාගෙ යටතෙ තව නව දෙනෙක් වැඩට ඉන්නවා... ඒ නිසා එයාලගෙ වගේම අපේ පහසුව වෙනුවෙන් නුවනුයි අම්මයි දෙන්නම නතර වෙලා ඉන්නෙ අපේ ගෙදර...

"ලොකූ"

"කියන්න අම්මා"

"පොඩ්ඩක් පහලට එන්න"

අම්මා කෝල් කරේ ඇද ලග පොඩි බෙඩ් සයිඩ් ටේබල් එක උඩ තියන ෆෝන් එකට... ආපු ගමන් නිසා වොශ් දාගෙන හිටපු මම ට්‍රවල් එකෙන් ඔලුව පිහිදාන ගමන් පහලට ගියේ මොකද බලන්න...

"කියන්න අම්මා..."

"අද පාටියක්..."

"කොහෙද?"

"පවිත්‍ර අන්කල්ගෙ ගෙදර..."

"ඉතින් ගිහින් එන්න..."

"අපි විතරක් ගිහින් හරියන්නෙ නෑනෙ ලොකූ... ඔයත් යන්නෝනෙ, අනික ඔයා ලංකාවට ආවා කියලා එයාලා දන්නවනෙ..."

"මොකද්ද පාටිය?"

"පවිත්‍ර අන්කල් ගෙ වයිෆ්ගෙ බර්ත්ඩේ එක..."

"යන්නම ඕනෙද?"

"නැත්තං"

.

.

.

හවස හතට විතර අපි කට්ටිය යන්න ලෑස්ති උනා... තාත්ත ඔෆිස් එකේ ඉදලා එහෙන්මම යනවා කියපු නිසා අපිත් මෙහෙන් පිටත් උනේ ඩ්‍රයිව කෙනෙක් එක්ක...

පවිත්‍ර අන්කල්ගෙ වයිෆ් දුලාරි අපෙ අම්මගෙ හොදම යාලුවෙක්... තාත්තගෙයි එයාගෙ හොදම යාලුවගෙයි සම්බන්දෙ තරන්ම ගැඹුරු නොවුනත් ඒ දෙන්නා හොද යාලුවො... අපි අතරෙ කිසිම නෑදෑ කමක් නැතත්, තාත්තලාගෙ යාලුකම සහෝදර කමක් වෙද්දි එයාලා අපි නිතරම මුන ගැහුනා... මං ලංකාවෙ නොහිටිය නිසා එයාලව ගොඩක් මග ඇරුනා උනත්, එයාලට අපි එකම පවුලක් වගේ...

දුලාරි ආන්ටි හරි සරල කෙනෙක්... එයා හොටෙල්ස් වල පාර්ටි එක ගන්න අකමැති උන නිසා පාර්ටි එක ප්ලෑන් කරලා තිබ්බෙ එයාලගෙ ගෙදරම ගාඩ්න් එකේ...

හැබැයි හොටෙල් එකක් වගේ ලොකු එයාලගෙ ගෙදර ලොකු ගාඩ්න් එකේ කොටසක් ලස්සනට ඩෙකරේට් කරලා හරි සරල විදිහට පාර්ටිය ඕගනයිස් කරල තිබුනා...

"ඔහ් මයි ගෝඩ් ශෙහාන් පුතා..."

අපි ඇතුලට යනවත් එක්කම පවිත්‍ර අන්කල්, එයාගෙ පුතා ආධිත්‍යයි අපේ තාත්තයි එක්ක බර කතාවක හිටියා වෙද්දි මාව දැකපු ගමන් මටත් අත වැනුවේ ඒ පැත්තට එන්න කියන්න වගේ...

"කොහොමද අන්කල්?"

"හොදයි හොදයි... පුතාට කොහොමද?"

"හොදයි අන්කල්..."

පවිත්‍ර අන්කල්ගෙන් හොදයිද අහලා මං ආධිත්‍යට ඩෝන්ට් කෙයා ටයිප් බැල්මක් දුන්නෙ උඩ ඉදන් පහලට බලලා කට කොනිනුත් හිනා වෙලා...

"දැං ශෙහාන් පුතාව දිගටම ලංකාවෙ තියා ගන්න නේද කල්පනාව දුමින්ද?"

පවිත්‍ර අන්කල් හැරුනෙ තාත්තා දිහාවට

"ඔව් පවිත්‍ර, දැං ඉදලම මේ බිස්නස් වැඩ වලට ටික ටික හුරු කරන්න එපැයි... මදැයි ඔය අවුරුදු විසි එකක් නිදහසෙ හිටියා..."

එහෙම කියන ගමන් තාත්ත මගේ දිහා බැලුවේ ආඩම්බරෙන් වගේ... මාත් ඔක්කොමලට දුන්නෙ පොඩි හිනාවක්.

"ශෙහාන් පුතාට යාලුවො එහෙම ඉන්නවද දැං ලංකාවෙ...?"

ලංකාවෙ තියා ෆ්‍රීන්ලන් වල ඉද්දිවත් මට ඒ හැටි ලොකුවට යාලුවො නොහිටිද්දි මං ආයෙත් හිනා උනේ දෙන උත්තරේ හිතා ගන්න බැරුව...

ඇත්තටම මං ලොකුවට සමාජශීලී මනුස්සයෙක් නෙවෙයි, හිතට වදින යාලුවො දෙතුන් දෙනෙක් ඇරෙන්න ඇත්තටම මට යාලුවො නැති තරන්...

අනිත් අයට වගේ ක්ලබ් යන්න, පාටි දාන්න ලොකු ලොකු ආසාවල් නොතියෙද්දි මන් ලගම යාලුවො දෙතුන් දෙනෙක් එක්ක සෑහෙන්න විනෝද වෙන මනුස්සයෙක්...

ඒ වගේම මං මේ වගේ සද්ද තියන තැන් වලටත් කැමති නෑ...

හැබැයි අපෙ අම්මා කියනවා ඒ අපෙ තාත්තගෙ ගති ගුණලු...

"දැං බලන්නකො ශෙහාන් පුතා, ඔයාලගෙ තාත්තයි මායි ඒකාලෙ ඉදලම හොද යාලුවො... ඉස්සරහට අපේ කාලෙත් ඉවර වීගෙනයි යන්නෙ, දැං ඉතිං තාත්තලා දෙන්නගෙ පුතාලා යාලුවො වෙලා ARVEE Group එක ඉස්සරහ අරන් යන්නයි තියෙන්නෙ... නැද්ද් දුමින්ද?"

"අනිවාරෙන්... අනිවාරෙන්..."

පවිත්‍ර අන්කල් ගෙ කතාවට තාත්තත් එකග උනා වෙද්දී කිව්වත් නැතත් කොහොමටත් ARVEE Group එකේ අනාගත උරුමක්කාරයෝ මමයි පවිත්‍ර අන්කල්ගෙ පුතා ආධිත්‍යයයි කියන එක අමුතුවෙන් කියන්න ඕන උනේ නෑ...

ආධිත්‍ය එක්ක මේ අවුරුදු ගානටම මං ලොකුවට කතා කරලා නෑ, කතා කරන්න තරන් ලොකු ආශ්‍රයක් තිබිලත් නෑ...ගොඩක්ම පොඩි කාලෙ එයා එක්ක සෙල්ලම් කරා වගේ මතකයක් තිබ්බත් ටික ටික ලොකු වෙද්දි යාලුකම් වෙනුවට අපි අතරට ලොකකම් ඇවිත් තිබ්බා...

ආධිත්‍ය කියන්නෙ මට අදටත් අදුරන කෙනෙක්, එහෙම නැත්තං තාත්තා ගෙ හොදම යාලුවාගෙ පුතා විතරයි...

කතා බහ ඉවර වෙලා මං අපේ ෆැමිලි එකට වෙන් කරපු වෙන් කරපු ටේබල් එකට ආවා...

ඒත් එක්කම දුලාරි ආන්ටිගෙ කේක් එකත් කපලා ඉවර කරලා ආධිත්‍ය මයික් එකකුත් අරගෙන එයාගෙ අම්මගෙ අතින් අල්ලගෙන ගියේ මියුසික් බෑන්ඩ් එක ලගට,

අම්මව පොඩි ස්ටේජ් එකෙන් හිටවපු එයා බෑන්ඩ් එක ලගටම ගිහින් මොනාද කිව්වා වෙද්දි ආයෙත් ඇවිත් අල්ල ගත්තෙ අම්මගෙ අතින්...

මන්දාරම් වැහි වැටෙනා

සීතල හැන්දෑවේ

මා අසලින් රැදි උනුහුම ඔබ විය

නුබයි මගෙ අම්මා...

සද සාවුන් හඩනා

කලුවර රාත්‍රියේ

ආලෝකය දුන් සද කැන් ඔබ විය

නුබයි මගෙ අම්මා...

දුලාරි ආන්ටිගෙ එක අතකින් අල්ලලා කරකවපු ආධිත්‍ය අම්මටත් වඩා උස වෙද්දි අම්මව තුරුල් කරගෙන සින්දුව කිව්වෙ හැමෝගෙම අවදානෙ ඒ පැත්තට ඇද ගන්න ගමන්...

ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩූ මාගේ අම්මා

දරා දසමාසේ ඉහිලූ බරට ණය ගැතී ජීවිතෙන් මා

අම්මේ මන් නුබට ආදරෙයි

ජීවේ පොවන උල්පත නුබයි

අම්මේ නුබ මගේ රැජිනයි

සන්සාරයේ මා නුබ ලගයි...

අධිත්‍ය දුලාරි ආන්ටිගෙ අතින් අල්ලගෙන, ආන්ටිගෙ ඇස් දිහාම බලාගෙන සින්දුව කියද්දි දුලාරි ආන්ටිගේ ඇස් වලට උනපු කදුලු කම්මුල් දිගේ කඩන් වැටෙන ගමන් තිබුනා....

කුනාටු සාගරයේ

රුවල බිදුනු නෞකාවේ

හබල ඔබයි පිළිසරණ ඔබයි

නුබයි මගෙ අම්මා

දාහය වෑහෙනා

ගිනියම් මද්දහනේ

සෙවන ඔබයි මද පවන ඔබයි

නුබයි මගෙ අම්මා...

දුලාරි ආන්ටිගෙ පුංචි කදුලු බින්දු පොඩ්ඩ පොඩ්ඩ ලොකු වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ වගේම , ඒ වචන අපේ හිත් හොරකන් කරන්නත් මහ වෙලාවක් නොගිහින් තිබුනා...

ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩූ මාගේ අම්මා

දරා දසමාසේ ඉහිලූ බරට ණය ගැතී ජීවිතෙන් මා

අම්මේ මන් නුබට ආදරෙයි

ජීවේ පොවන උල්පත නුබයි

අම්මේ නුබ මගේ රැජිනයි

සන්සාරයේ මා නුබ ලගයි...

අම්මේ මන් නුබට ආදරෙයි

ජීවේ පොවන උල්පත නුබයි

අම්මේ නුබ මගේ රැජිනයි

සන්සාරයේ මා නුබ ලගයි...

සින්දුව ඉවර වෙනවත් එක්කම පවිත්‍ර අන්කලුත් ගිහින් ඒ දෙන්නවම බදා ගත්තෙ අපේ හිතුත් සංවේදී කරන ගමන්...

ඇත්තටම ඒ වෙලාවෙ මට හිතුනෙ එකම එක දෙයයි... ආධිත්‍ය කියන්නෙ හරි ආදරනීය පුතෙක් වෙන්නැති...

.

.

.

එලාම් එක වදින වදින සැරේට මං ඔෆ් කර කර නිදා ගත්තෙ ඊයෙ එද්දිත් මහ පාන්දර උන නිසා...

ඇස් වලට කෝටු ගැහුවත් මේ නිදිමතේ හැටියට ඇස් අරන්න බෑ දෙයියනේ...

නින්ද තමයි වැදගත්, අනිත් ඔක්කොම ඊට පස්සෙ...

ඒත් ඉතින් ලෙක්චර්ස්???

හයියෝ මේක නං මොන කරුම ජීවිතයක්ද මංදා... ඉගන ගන්න එකේ ඉවරෙකුත් නෑ, විබාග වල ඉවරෙකුත් නෑ... ඇයි අර සින්දුවකුත් තියෙන්නෙ විබාගේ තමයි අපේ අභාගේ කියලා

කොහොමටත් අපේ පියතුමාගෙනුත් ඉතින් බේරිල්ලක් නෑ...

"අයියේ..."

ඔන්න ඔන්න ඊලග වාතෙ... හනේ මට නං බෑ අයියෝ...

පෙනේද? පෙනේද? ෆෝන් එකේ එලාම් එක ඉවර උනා විතරයි අනිත් එලාම් එක

"ඇහැරෙනවා මෝඩයෝ..."

"ම්හ්"

"බෑ නෙවෙයි ඇහැරෙනවා"

"අනේ චිලී..."

ඇදේ තියන කොට්ට වලින් තඩි බබා මේකි මෙතන මල යුද්දයයි...

පොඩි කාලෙ ඉදන් එකට අපි දෙන්නට ඉන්න බැරි උන නිසාද කියන්න නං දන්නෙ නෑ... හැබැයි අපි දෙන්නා අදටත් මහ ලොකුවට රන්ඩු වෙලා නෑ...

මං උනත් චිලී චිලී කිය කිය ඇවිස්සුවට නංගි කියන්නෙ මට මේ ලෝකෙට ආපු සුරංගනාවියක්...

"ඉස්කෝලෙ ගියෙ නැද්ද චිලී?"

"ඒවගෙන් වැඩක් නෑනෙ"

"කියන්නකෝ?"

"අද බෑ වගේ හිතුනා"

"මටත් බෑ වගේ චිලියෝ... තාත්තව ශේප් කරන්නකො"

"ඔයාට මාස දෙකකුත් මිස් වෙලා තියෙන්නෙ කිව්වා තාත්තා"

චිලී කියන එකත් ඇත්ත... මට ඇත්තටම මාස දෙකක ලෙක්චස් මිස් වෙලා තිබ්බේ... කම්මැලි කමට පැත්තකින් ඉන්න කියලා, මං ඇදෙන් නැගිටල වොශ් දාගෙන පහලට ආවෙ නුවන්වත් හොයාගෙන

"අම්මා මං ගිහින් එන්නං"

"පරිස්සමෙන් ලොකූ"

තාත්තත් ගෙදර නැති නිසා අම්මටයි නංගිටයි කියලා අපි කෙලින්ම ඩ්‍රයිව කෙනෙක් එක්ක ආවෙ කැම්පස් එකට...

අද ලෙක්චර්ස් හවස දෙකහාමාර විතර වෙනකොට ඉවර උන නිසා මං ලෙක්ච හෝල් එකෙන් එලියට ආවෙ නුවන්ට යනවා කියලා මැසේජ් එකකුත් දාන ගමන් ගෙදර එන්න...

ඒ එක්කම ළමයි කීපදෙනෙක් කලබලෙන් ග්‍රවුන්ඩ් එක පැත්තට දිව්වේ හිතට කුතුහලයක් එකතු කරන ගමන් වෙද්දි මාත් ඒ පැත්තට අඩිතිබ්බෙ මොකද්ද මේ කලබලේ කියලා දැන ගන්න...

"මයි ගෝඩ්"

මටත් නොදැනිම මට මිමිනුනා... ළමයි රැලක් වටවෙලා හිටියෙ ආධිත්‍ය වටේට...

දිග පොල්ලක් අතේ තියාගෙන ඒකා හිටගෙන හිටියා වෙද්දි තව කොල්ලො දෙන්නෙක් එයාගෙ ඉස්සරහ දණ ගහගෙන හිටියෙ ලේත් පෙරාගෙන...

උගෙ තාත්තයි මගෙ තාත්තයි මේකෙ අයිතිකාරයො වෙන්න පුලුවන්, හැබැයි එහෙමයි කියලා අහිංසක ළමයින්ට අත උස්සන්න උටවත් මටවත් බෑ... මේකෙ අයිතිකාරයො නෙවෙයි, ජනාධිපති උගෙ තාත්තා උනත් එහෙම කරන්න අයිතියක් නෑ... මේකෙ ඉගන ගන්න උන් උනත් එන්නෙ මේ හැමදේකටම ගෙවලා... ගෙවල ඇවිල්ලත් මෙව්වගෙ අයිතිකාර පුතාලගෙන් ගුටි කන්න?

මනුස්සයෙක්ට එහෙම ලේ පෙරෙනකන් ගහන්න පුලුවන්ද ද? ඊටත් අරූට හිතක් පපුවක් නැද්ද?

මේක උගේ තැන වෙන්න තිබ්බා අද මං මෙතන නොහිටියා නං,

"ආධිත්‍ය"

මං කෑ ගැහුවෙ ග්‍රවුන් එක දෙක වෙන්න... ආධිත්‍යගෙත් ආධිත්‍ය එක්ක හිටපු උගෙ යාලුවො දෙන්නගෙ බැල්ලම වගේම ග්‍රවුන්ඩ් එකේ හිටපු අනිත් අයගෙත් බැල්ම වැටුනෙ මගෙ පැත්තට

මං හරි නිශ්ෂබ්ද මනුස්සයෙක්, මට බැන්නා උනත් මම කියවගෙන යන්නෙ නෑ, හැබැයි මං අසාධාරණයකදි කට පියන් ඉන්නෙ නෑ...

චටාස්!

මට තිබ්බ කේන්තියත් එක්ක වේගෙන් අඩි තියලා ගිහින් අත මිටි මොලවලා උගෙ මූනට පාරක් ගැහුවෙ මොකද්ද උනේ කියලා උට හිතන්නවත් ඉඩ නොතිය..

"තමුසෙ දන්න මගුලක් නෑ ශෙහාන්... පාඩුවෙ හිටපං"

ඌත් අනිත් පැත්තට මගෙ කොලර් එකෙන් අල්ලලා කෑ ගැහුවෙ මගේ කන් පුපුරන්න තරන් සද්දෙන්...

"තමුන්ට ඕන ඕන විදිහට මිනිස්සුන්ට ගහන්න බෑ... මෙතන විනයක් කියලා එකක් තියනව"

මාත් අල්ල ගත්තෙ උගෙ කොලර් එකෙන්...

"දෙයියන්ගෙ නාමෙට මගේ යකා අවුස්සගන්නෙ නැතුව, කට පියන් පලයන් මෙතනින්"

"මෙතනින් යන්න තිබ්බා, මේ තැන තමුන්ගෙ විතරක් උනා නං"

ආධිත්‍යගෙ ඇස් කේන්තියට රතු පලිගු දෙකක් වගේ දිලිසෙද්දි මටත් ඊට නොදෙවනි කේන්තියක් ගිහින් තිබුනා

චටාස්!

මගේ කේන්තිය මටම පාලනේ කර ගන්න බැරි වුනා... ඒ සැනින් උගේ අතකුත් මිටි මෙලවිලා ඇවිත් මගේ මූනෙ වැදුනෙ, කේන්තිය දෙගුන තෙගුන කරන ගමන්...

ඒත් එක්කම මාත් අත උස්සන්න හැදුවත් කැම්පස් එකේ සිකිවුරිටි කාරයො ටික ඇවිත් මාවයි ඌවයි අල්ල ගත්තෙ දෙන්නටම හෙල්ලෙන බැරි වෙන්න...

.

.

.

"පිස්සුද අයිසෙ තමුසෙලට"

ආධිත්‍යයි මමයි දැං ඉන්නෙ ඩීන්ගෙ රූම් එකේ... හැබැයි ඩීන් ඉන්නෙ නං කාබරේ මුල්ලක...

මම ආධිත්‍ය එක්කම අත් පිටිපස්සට බැදගෙන හිටන් හිටියෙ පවිත්‍ර අන්කල් ගෙ ඉස්සරහ බිම බලාගෙන, ආධිත්‍ය එක්ක කිව්වට ඌ හිටියෙ අත් බැදන් විතරයි... ඌ නං බලයි බිම, ඌ හිටියෙ කියනේවා උට නෙවෙයි වගේ අහක බලා ගෙන...

"සොරි අන්කල්"

මං කිව්වෙ පහළට බර වෙලා තිබුන ඔලුව උඩට උස්සන ගමන්...

"සොරි කිව්වම ප්‍රශ්න විසදෙනවද මිනිහෝ?"

අපි ගහ ගත්තා විතරක් නං මදෑ, මොකෙද්ද එකෙක් ගහගන්නවා වීඩියෝ කරලා ඒ ටිකට ෆේස් බුක් දාලා තිබ්බෙ අපේම කරුමෙකට...

ඒකත් පැය දෙකතුනට වයරල් වෙලා තියෙන්නෙ ආලෝක වේගෙන්, පවිත්‍ර අන්කල්ට උනත් තරහා යන එක සාදාරනයි...

තාත්තත් ඔෆිස් රූම් එකේ ජනේලෙකින් එලිය බලන් ඉදලා හැරුනේ මගේ දිහාවට

"මොකද්ද ගහන්න හේතුව"

"මූ අහිංසක කොල්ලො දෙන්නෙක්ට ලේ පනින්න ගහලා"

මං තාත්තට කිව්වෙ නිදහසට කරුනු

"අහිංසක?"

මගේ දිහා බලලා එහෙම අහපු ආධිත්‍ය හිනා උනේ සමච්චලෙන්

"ඉතින්, තමුසෙලා දෙන්නා මොකටද ඒකට රන්ඩු උනේ?"

තාත්තා ආයෙත් හැරුනෙ මගේ පැත්ත... මට දෙන්න උත්තර නැති වෙද්දි මම බලා ගත්තෙ බිම...

ඒත් කාට හරි අසාධාරණයක් වෙනවා දැක්කොත් ඇස් කන් පියන් ඉන්න පුලුවන්ද ද? ඒ මිනිස්සුන්ටත් තියෙන්නෙ ජීවිත... අපිට වගේම ඒ මිනිස්සුන්ටත් ගෞරවයක් තියනවා...

හැබැයි එක දෙයක් හොදටම ශුවර් මේ මනුස්සයා අර කොල්ලො දෙන්නට ගහන්න ඇත්තෙ කිසිම තේරුමක් නැති බොරු හේතුවකට...

කොච්චර දේවල් ඔලුවට ආවත් මං කට පියන් ඉන්න තීරනය කරේ නැත්තං අවසානෙට හම්බෙන දඩුවම තවත් දරුණු වෙනවා කියන එක හොදටම දන්න නිසා...

"එතකොට තමුන්, තමුන් මොකටද කොල්ලො දෙන්නෙක්ට ගැහුවෙ?"

තාත්තා ආධිත්‍යගෙන් ප්‍රශ්න කරනවත් එක්කම ඒ ගොන් හුත්තා ඇස් කරකවලා අහක බලා ගත්තෙ ඒ පමාවට පවිත්‍ර අන්කලුත් කෑ ගහද්දි

"අයිසෙ තමුසෙගෙන් අහන්නෙ"

"මට මගේ හේතු තිබ්බා"

"හේතුව තමයි යකෝ අහන්නෙ?"

ඕනවට එපාවට උත්තර දීලා ආයෙ මූ අහක බලාගත්තා වෙද්දි පවිත්‍ර අන්කල්ගෙ ඇස් දෙකත් රතු පලිගු වගෙ දිලිසෙන්න ගත්තා...

"කැම්පස් එකේ ළමයි දෙන්නෙක් ගහ ගත්තොත් මොකද්ද දෙන දඩුවම?"

තාත්තා හැරුනෙ ඩීන් දිහාවට...

"සතියක් දෙපාර්ශ්වයම සස්පෙන් කරනවා සර්"

ඩීන් කිව්වෙ යටහත් පහත් විදිහට...

"තමුසෙට සතියක් ගෙදර එන්න තහනං"

"තාත්තේ ඒත්..."

තාත්තා කොහොමටත් දන්නවා සතියක් ගෙදර ඉන්නවට වඩා ගෙදරින් පිට ඉන්න එක මට අමාරු වැඩක් කියලා... හැමදේම අතට පයට සිද්ද වෙද්දි ගෙදර සතියක් ඉන්න එක මට දඩුවමක් වෙන්නෙ නෑ...

මට ගෙදර එන්න තහනම් කරපු තාත්ත එතනින් ගියේ කේන්තියෙන්

"තමුසෙටත් එහෙමයි සතියක් ගෙදර එන්න තහනම්... මොනම හේතුවක් මත හරි මගෙ වචනෙට පිටින් ගියොත්... මාසයක් තමුසෙගෙ කාඩ් එක කැන්සල් කරන බව මතක තියා ගත්තොත් හොදයි"

කෝටිපති පුතාලගෙ වීක් පොයින්ට් එක මොකද්ද ඇහුවොත් මොනා කියලද හිතන්නෙ?

ඔව් ඔව් හරියටම හරි කෙඩිට් කාඩ් එක

-THE STORY CONTINUES-

2025-09-19

More Chapters